ගිනිකූරෙන් මරණ දෙකයි


කිඹුලාපිටිය ගල්මංකඩ රතිඤ්ඤා කම්හලක ගින්නකින් පියා (29) හා පුතා (8) මරුමුවට පත් වූහ.

කම්හල් හිමිකරුගේ ගැබිනි බිරිය පමණක් බේරුණාය.

හිමිකරු සිගරට්ටුවක් දැල්වූ ගිනිකූර අසළ තිබූ අහස් කූරු ගොඩකට වැටීමෙන් ගින්න හටගෙන ඇත.

හිමිකරුගේ මව සහ පියා මීට සිව් වසරකට පෙර මිය ගියේ ද රතිඤ්ඤා ගොඩක් ගිනි ගැනීමෙනි.