ගිනි රිය ආවත් ගින්න නිවන්න බැරි වෙයි


කතරගම නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලක අද අලුයම ඇති වූ ගින්නකින් අසල තවත් කඩ කිහිපයකට හානි වූ බව කතරගම  පොලිසිය කියයි. කතරගම ප්‍රාදේශීය සභා සතු ගිනි නිවන රථය පැමිණි නමුත් ජලය ගෙන ඒමට බවුසරයක් නොතිබීම  වෙනත් රථයකින් ජලය ගෙන එන විට ගිනි නිවන රථයේ දෝෂ නිසා ගින්න නිවා ගැනීම ප්‍රමාද වූ බවත් අවට වැසියන් පොලිසියේ සහායෙන් බාල්දි වලින් ජලය දමා ගිනින පැතිරීම වළක්වා ගත් බවත් දැන ගන්නට ඇත. කඩයට වූ අලාභය රුපියල් කෝටි 3ක් ඉක්මවන බව එහි හිමිකරු පොලිසියට කියා ඇත.