(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප‍්‍රදේශයේ බේකරියක් ගිනි ගන්නා බවට ගිනි නිවන හමුදාව වෙත ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ(20) සවස 5.00 පමණ පුද්ගලයකු ගිනි නිවන හමුදාව වෙත දැනුම් දී ඇති අතර ගිනි නිවන හමුදාවේ ගිනි රථ දෙකක් සමග භටපිරිසක් එම ස්ථානයට ගොස් පරික්ෂා කළ ද එවැනි ගන්නක් දක්නට ලැබී නොමැත.
තොරතුර ලබාදුන් පුද්ගලයාගේ ජංගම දුරකතන අංකයට නැවත ඇමතුම් ගැනීමේ ඔහු ජංගම දුරකතනය කි‍්‍රයා විරහිර කර තිබු බවද ගිනි නිවන හමුදාව සදහන් කරයි.
පසුව සිද්ධිය පොලිසියට දන්වා කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ එවැනි ගින්නක් හටගෙන ඇති යන්න සොයා බැලීමේ දී එවැනි ගන්නක් හටගෙන ඇති බවට තොරතුරු තහවුරු වු බවද ගිනි නිවන හමුදාව කියයි.
ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර ගිනි නිවන හමුදාව නොමග යැවු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත.

