( ඉන්දිකා රාමනායක )
මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් දෙදෙනකු ටී 56 ගිනි අවියක් හා උණ්ඩ 29 ක් සමඟ බණ්ඩාරගමදී සහ හෝමාගමදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයින් බව පොලීසිය කියයි. මෙම උණ්ඩ 29 අතර මයික්‍රෝ වර්ගයේ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 5 ක් තිබු බවද පොලීසිය කියයි.
මෙම ගිනි අවිය 2018.08.14 දින රත්නපුර ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් එකක් බව අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.

(ඡායාරූප ය බිමල් ශ්‍යාමන් ජයසිංහ )

