ගින්න බොරලන්ද පැත්තට හැරේ
පට්ටිපොල හා ඔහියේ ගින්න හෝර්ටන්තැන්න පැත්තට පැතිරී යාම වැළැක්වූ නමුත් දැඩි සුළං නිසා අද යළිත් ඇවිළී රහංගල හා බොරලන්ද දෙසට පැතිරී යයි.
මෙතෙක් ගින්න නිවා දැමීමට සහාය නොදුන් ගැමියෝ අද කුඩා කණ්ඩායම් ලෙස කඳු නඟිමින් සිටිති. අඩි හයක හතක ගිනි නිවාරණ තීරයක් ඇති කිරිමට වැලිමඩ පොලීසියද යුදහමුදාව ද ගැමියන් දෙසීයක් පමණ ද වංගීසකුඹුර කඳුවැටියට නැඟ සිටිතියි බදුල්ල ආපදා කළමනාකාරණ සහකාර අධ්‍යක්‍ෂ ඊ.එච්.එල්. උදය කුමාර මහතා කඳුමුදුනේ සිට එසැණට කීවේය.
‘‘මැයි මාසයෙන් පසුව නියඟය බදුල්ලේ සියලූ වනාන්තර අනතුරකට මුහුණපා සිටිනවා’’.

