ගින්න උඩරට දුම්රිය නවත්වයි


හපුතලේ ඉදල්ගස්ඉන්න  දුම්රිය මාර්ගය දෙපස රක්ෂිතයේ ගින්නක් පැතිර යන නිසා දුම්රිය ධාවන තාවකාලිකව නතර කළ බව පොලිසිය කියයි. මහනුවර - බදුල්ල දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 150 – 152 කණු  අතර ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන ඇතැයි දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය කියයි. එම මාර්ගයේ ගමන් ගත් බඩු දුම්රියක් ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන නතර කර ඇත.