ගිංතොට ගින්නට හත් දෙනෙක් රිමාන්ඞ්
ගිංතොට කුරුඳුවත්තේ සුපිරි වෙළෙඳ හලකට ගිනිතබා රුපියල් කෝටියකට අධික අලාභයක් කළැයි සැකපිට හත්දෙනෙක් ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යු.එස්. කලංසුරිය මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
රිමාන්ඞ් බන්ධනාගාර කරනු ලැබුවේ මොහොමඞ් රිශාල් මොහොමඞ් පාහීර්, මොහොමඞ් රිෂාල් මොහොඞ් ජවුසර්, මොහොමඞ් ජමිල් මොහොමඞ් සාලි, මොහෙමඞ් සාලි මොහොමඞ් හිලාවි, අබ්දුල් හසන් මොහොමඞ් ඉර්ෂාඞ්, මොහොමඞ් අරිෆ්ඞීන් මොහොමඞ් නුරුල්ලා, මොහොමඞ් සරුක් මොහොමඞ් නුෂයිස් යන සැකකරුන් හත් දෙනාය.
මුස්ලිම් සිරුරු ගෙන යනවිට යාව්ඤා කළ යුතු යැයි කියන පිරිසක් හා නොකළ යුතු යැයි කියන පිරිසක් අතර ගැටුමකින් පසුව මේ සිද්ධිය වාර්තා විය.

