ගිංගඟේ ප්‍රධාන ජල පොම්පාගාරය අනතුරේ


ගිංගඟේ ප්‍රධාන ජල පොම්පාගාරය අසල වතුර ම්ට්ටම වැඩි වීම නිසා පොම්පාගාරයේ අතිරේක පොම්ප දෙක ගලවා ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ස්ථීර පොම්ප දෙක තියෙන්නට හරින නමුත් ජල මට්ටම තවත් අඩි තුනක් වැඩි වුවහොත් ස්ථීර පොම්ප දෙකත් ගලවා ඉවත් කිරීමට සිදුවන බව ඉංජිනේරුවෝ කියති.

යම් හෙයකින් මෙම පොම්ප පවතින ජල ප්‍රවාහයට අසුවුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට මාස ගණනක් ගතවන බැවින් එම පොම්පවල ආරක්ෂාවට ගලවා ඉවත් කෙරේ.

(ඡායාරූප-තරිඳු ජයවර්ධන)