(නිමල කොඩිතුවක්කු)
ගෑස් සිලින්ඩරයක් රුපියල් 950කට ලබාදීමේ හැකියාව ආණ්ඩුවට ඇතැයි එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පැවැසීය.
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අසරණ වී ඇති අවස්ථාවේ ගෑස් සහ ඉන්ධන සහනය ජනතාවට ලබාදීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුව ඇතැයිද බවද කරුණානායක මහතා ස`දහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට මහබැංකුවේ පුටුවල සිටින ඇතැම් නිලධාරින් විශාල බාධාවක් බවත් ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ක‍්‍රියාකිරිම අගය කළ යුතු බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

