(ඩයනා උදයංගනී)
ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවා ජනතාවට පවතින මිලට වඩා අඩු මිලකට ගෑස් ලබාදීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ලිට්‍රෝ හා ලාෆ් යන ගෑස් සමාගම් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවා රජයේ මැදිහත්වීම මත ඒකාබද්ධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමෙන් තුළින් දැනට පවතින මිලට වඩා රුපියල් 125ක්, 130ක් පමණ අඩුවෙන් ගෑස් අලෙවි කිරීමේ හැකියාව ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

