ගෑරුප්පුව දස වසරක්ම බඬේ


වසර දහයක් පුරාවට බඩ තුළ සෙන්ටිමීටර හයක් දිග ප්ලාස්ටික් ගෑරුප්පුවක් තිබූ පුද්ගලයකු පිළිබඳ පුවතක් එංගලන්තයේ බාර්න්යේ මහ රෝහලින් වාර්තා වේ. බඬේ ඇතිවූ දැඩි වේදනාවකට ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණි ලී ගාඞ්නර් (40) ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ වෛද්‍යවරුන් ඔහුගේ කුසේ අසාමාන්‍ය දෙයක් දැක ඔහුට හදිසි සැත්කමක් කළහ. තමාට අත් වැරදීමකින් මෙයට වසර දහයකට පෙර මෙම ගෑරුප්පුව ගිලූණු බවත්, ඒ ගැන කිසිවකුට නොපැවසූ බවත් ලී පවසයි. ලීගේ බඬේ තිබූ ගෑරුප්පුව දුටු ගමන් තමන් පුදුම වූ බවත්, සමහර තුවාල ඉබේ සනීප වී ඇතත්, තවත් තුවාල කීපයක් තිබෙන බවත්  ඔහුට ප‍්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය හානිස් ෂිමානි කියයි. ඔහුගේ උදරයේ කැපුම සෙන්ටිමීටර 23ක් දික් විය.