ගැමුණු විජේරත්නගේ සහයත් සයිටම් විරෝධීන්ට


සයිටම් ආයතනයට එරෙහිව ගෙන යන සටනට තම සහාය ලබා දෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමණු විජේරත්න මහතා පැවසීය.
 
ඔහු මේ බව පැවසුවේ මීට ටික වේලාවකටපෙර පැවැති මාධ්‍ය හමුවක දී ය. 
 
ගැමුණු විජේරත්න මහතාගේ දියණියද සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර විජේරත්න මහතා සයිටම් දෙමාපිය සංසදයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.  ඔහු මෙතරම් කාලයක් සයිටම් වෙනුවෙන් පෙනී සිටියේය. සයිටම් සම්බන්ධයෙන් මීට පෙර දුන් අධිකරණය ක්‍රියාත්මක කරන ලෙස විජේරතන් මහතා ඒ දිනවල කීවේය.

සයිටම් දෙමාපිය සංසදය සහ රජයේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය කරුණු හතරකින් යුත් යෝජනාවකට ද අත්සන් තැබීය.

එම කරුණු මෙසේය.

  1. සයිටම් ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම ස්ථීර ලෙස ගැසට් මගින් නතර කර ඒ සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
  2.  වෛද්‍ය පීඨ 08හි ආචාර සංගම් සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
  3.  වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට එරෙහිව කරණු ලබන බලපෑම් සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ  වෙනත් ආයතන වෙත වෛද්‍ය සභාවේ බලතල පවරා දීමට කරණු ලබන විවිධ උත්සාහයන් නතර කිරීම.
  4.  සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට සහ උපාධි ලබා ගත් ශිෂ්‍යන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමය පරිදි රජයේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන්ගේ   මඟ  පෙන්වීමට අනුව නිසි වෛද්‍ය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදී වෛද්‍ය උපාධිය ලබා දීම.

 
022