ගැටුම් දෙකයි : ඝාතන තුනයි
නුවරඑළිය හා හපුතලේ මිනීමැරුම් තුනක් වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
නුවරඑළිය මාගස්තොටදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී හතර දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වයස අවුරුදු 50ක පිරිමියෙකු හා අවුරුදු 25ක ස්ත්‍රියක මිය ගොස් සිටිති.
හපුතලේ කීනපොතදී දෙදෙනෙකු අතර බහින්බස් වීමක් දුරදිග ගොස් කැත්තකින් කපා කොටා තිස් අට හැවිරිදි පිරිමියකු ඝාතනය කැර ඇත.

