ගැටුමට මුල් වූ සරසවි සිසුන් 12දෙනා රිමාන්ඩ්


(ඉන්දිකා රාමනායක)
 
සිසු ගැටුමක් හේතුවෙන් තුරුදුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ  සිසුන් 12 දෙනා  අද (11) කොළඹ අලුත්කඩේ  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට නියම විය.

සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේපෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නිය කෙරිණි.

මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුයේ කොළඔ සරසවියේ කලා පීඨයේ සිසුන් 12 දෙනෙකි.
 
ඉකුත් 8 දින රාත්‍රියේ සරසවි පරිශ්‍රය තුළ හටගත් ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඔ ජාතික රෝහලට ඇතුළත් තර තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකාර සිසුන් 12 දෙනා  ඊයේ කුරුදුහේන  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණය  හමුවට ඉදිරිපත් කර තිබුණි.