ගැටුමක් විසඳා යද්දී හිටපු නියෝජ්‍ය රේගු සාමාන්‍යාධිකාරී හෘදයාබාධයකින් මරුට


(ශාන්ත ප්‍රදීප් කුමාර)

කොට්ටාව බොරැල්ල මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ දී තරුණයකු විසින් වැඩිහිටියකුට සිදුකළ පහරදීමක් දැක,තම රථය නවතා එහි ගොස් ගැටුම සමථයකට පත් කොට නැවත රථයට පැමිණිමේ දී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට  ඇතුළත් කළ (52) හැවිරිදි හිටපු  නියෝජ්‍ය රේගු අධිකාරිවරයකු  ප්‍රතිකාර ලබමින්  සිටියදී මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය දෙපානම අරලිය උයන වටරවුම් මාවතේ අංක 22/31 හි පදිංචි ජගත් ගුණතිලක නැමැති හිටපු  නියෝජ්‍ය  රේගු අධිකාරිවරයකු බව පොලිසිය කියයි.

හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක වන තම බිරිඳගේ අමතකව ගිය අත් බෑගය රැගෙන යමින් සිටිය දී  පන්නිපිටිය ප්‍රදේශයේ දී  මෙම හදිසි අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.