ගොවීන්ට බලපෑ ප්‍රධාන ප්‍රශ්න තුනකට කඩිනමින් රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටි .මේ ගැටළු ඉදිරිපත් කිරීම සදහා මාධ්‍ය දැනුවත් කිරීම 10 දින දඹුල්ලේදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ ගොවි නායකයන් කීපදෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි .
මේ මාධ්‍ය හමුවට බඩ ඉරිඟු ගස්, ගොයම් ගස් මෙන්ම රට හාල් හා හිස් උර රැගෙනවිත් තිබීම විශේෂත්වයකි.
නාමල් කරුණාරත්න මහතා පළමු කරුණ ලෙස කිවේ පසුගියදා ඇතිවූ හදිසි ආපදා තත්වය තුල අනෙකුත් විනාශයන් ගැන රජයේ අවධානය යොමු කළද සිදුව ඇති වගා විනාශයන් ගැන අමතක කර ඇති බවය. වහාම එම වගා විනාශයන් වලට වන්දි ලබාදිය යුතු බවය.
දෙවැනි කරුණ වුයේ දැනට රට පුරා වී වගාව ආරම්භ වී ගොයමට පළාත් අනුව වැපිරීමේ සිට පැල ගොයමට දින 45 පවා ගතවී ඇතත් මෙතෙක් සහනාධාර පොහොර මුදල් ලැබී නැති බවය. දින 5ක් කාලයක් තුල එම මුදල් ගොවීන්ට නොගෙව්වොත් අම්පාර නගරයෙන් විරෝධතා ආරම්භ කරන බවය.
තෙවැනි දැනුම් දීම වුයේ ආනයනික සහල් ප්ලාස්ටික් නොවන බව දැනුම්දීමත් ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් ගෙන්වා ඇති මේ සහල් වසර දෙකක කාලයක් කල් තබාගැනීමට හැකි බවට එම ඇසුරුම් පෙන්වමින් ප්‍රකාශ කිරීමත් සහල් ඇටයක කල් ඉකුත්වීම මාස තුනක් බවත් ය .වසර දෙකක කාලයක් කල් තබාගන්නට වස මුසු කර බව දැනුම්දීමය .
සිව් වැන්න වුයේ වී වගාව අඩුකර ඇමතිවරයා ගේ ඉල්ලීම පරිදි වගාකළ බඩඉරිඟු සඳහා මිලක් නැති බැවින් අද වනවිට ගොවින් බඩඉරිඟු කරල් ගස් පිටින් කිලෝව රුපියල් අටකට අලවි කරන බවය. නාමල් මහතා එම ගස් පෙන්වමින් කිවේ රජය මේ ගොවි ප්‍රශ්නවලට වහා විසදුම් දෙන ලෙසය.


(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

