ගැට කපන්නා සල්ලි ගිලී
ගම්පහ දුම්රිය පොළේ දී කාන්තාවකගේ බෑගයෙන් රුපියල් 26000ක් සොරාගත් ගැට කපන්නකු පොලිසියට අල්ලා දෙද්දී නෝට්ටු කිහිපයක් ගිල දැමූ ගැට කපන්නා තවත් නෝට්ටු කිහිපයක් ඈතට විසි කෙළේය. ගැට කපන්නාගේ යට ඇඳූමේ ද තිබුණු මුදල් ද සමග රුපියල් විසි දෙදහසක් සොයාගත හැකි විය. ඔහු අල්ලා දුන් දුම්රිය සේවකයෝ ඉතිරි මුදල් ද එම කතට දුන්හ.

