ගාලූ හිරගෙදර දී සිරකරුට ගසයි


ගාල්ල බන්ධනාගාර නිලධරයකුගේ පහර දීමට ලක්ව කතාකිරීමට නොහැකි වූ මංජුල රණසිංහ නම් තුන්දරු පියෙක් තමාට වූ දෙය කඩදාසියක ලියා පෙන්වීය.
සමථ මණ්ඩල නඩුවට යාමට නොහැකි වූ ඔහු දෙසැම්බර් 21 වැනිදා බලපිටියේ අධිකරණයේ පෙනී සිටි බවත් රුපියල් පනස් දාහක ශරීර ඇපයක් නියමවූ බව ඇපය අත්සන් කිරීම පමාවූ නිසා ගාල්ල රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙනගොස් පහරදුන් බවත් එදා සිට කතා කිරීමට නොහැකි වූ බවත් රණසිංහ කියයි.
ගාල්ල බන්ධනාගාර නිලධරයකු කීවේ මේ පහරදීම ගැන පරීක්ෂණයක් අරඹා ඇති බවයි.