ගාලූ රෝහල් අධ්‍යක්‍ෂකට මරණ තර්ජන


අධ්‍යක්‍ෂක ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් නාඳුනන පුද්ගලයකු දුරකථනයෙන් මරණීය තර්ජන කළැයි කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ගාල්ල පොලීසියට හා පොලිස්පතිට පැමිණිලි කෙළේය. බදාදා සවස කිහිප විටක්ම තම ජංගම දුරකථනයට එම ඇමතුම් ලැබුණ බව ඔහු කියයි. අධ්‍යක්‍ෂ ධූරයෙන් ඉවත් නොවුණහොත් අධ්‍යක්‍ෂ සහ ඔහුගේ දියණිය මරා දමන බවට තර්ජනය කැර ඇත. තර්ජන තැනැත්තා කළ තම දියණියගේ පුද්ගලික විස්තර පවා දන්නා බවද ඔහු කීවේය. වෛද්‍යවරයා ඝාතනය කිරීම සඳහා තමන් රෝහලට පැමිණි බවත් වෛද්‍යවරයා එවේලේ නොසිටි බවත් දුරකථනයෙන් තර්ජනය කළ තැනැත්තා පැවසූ බව අධ්‍යක්‍ෂවරයා පැවසීය.