ගාලු සාදයේ වෙඩි තැබීම හතරබීරි කතාවක් වගේ
දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු වෙනුවෙන් ප්‍රධාන ලේකම් වරයාගේ ලබුදූවේ පිහිටි නිලනිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු වෙඩි තැබීමක් සිදුවූ බවට කිසිදු තොරතුරක් නැතැයි අක්මීමණ පොලීසිය කියයි. එහෙත් අසල්වැසියෝ ද පළාත් අමාත්‍ය ඩී.වී.උපුල් මහතා ද වෙඩි තැබීමක් සිදුවූ බව ස්ථිර වශයෙන්ම කියති. පොලීසිය කියනුයේ රතිඤ්ඤා පත්තුකරන්නට ඇති බවයි. අසල් වැසියන් පවසනුයේ රතිඤ්ඤා හඩෙත් වෙඩි හඩෙත් වෙනස තමන් දන්නා බවයි. ඇමති ඩී.වී.උපුල් කියනුයේ ඇමතිවරයකුගේ සමීප ඥාතියකු ටී 56 කින් වෙඩි කිහිපයක් තැබූ බවයි. වෙඩි දහසයක් නිකුත් වූ බව අසල්වැසියන්ගේ තක්සේරුවයි. වෙඩි තැබීමක් නොවූ බව උපුල් ඇමති නිවසේ සිටි අයකු කියා ඇතැයි පොලීසිය පවසයි. එහෙත් ඇමති කට උත්තරයක් දුන්නේවත් ඔහුගෙන් කටඋත්තරයක් ගත්තේවත් නැතැයි ද පොලීසිය කියයි.

