ගාලු වාහන දොඩන්ගොඩින් ගාලු පාරට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ කන්දේ පස් ගාලු මංතිරුවට වැටී තිබේ අධිවේගී මර්ග සේවකයෝ එම පස් ඉවත් කරමින සිටිති කොට්ටාවේ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහන දොඩන්ගොඩ පිවිසුමෙන් හරවා යැවේ. එහෙත් මගීන් රැගෙන යන ඇතැම් පෞද්ගලික බස් කියනුයේ ගාල්ලට යාමට බැරි නිසා එම මගීන් සමග ආපසු මහරගමට යන බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වනුයේ දොඩන්ගොඩින් හෝ කළුතර පිවිසුම් වලින් හරවා ගාලු පාරට යෑමට මාර්ග බලපත්‍ර නැති බවයි.
කන්ද නාය ගිය පිවිසුමට ඉදිරියෙන් අධිවේගි මාර්ග සේවකයෝ රතු කොඩි රැගෙන වාහන හැසිරවීමේ යෙදී සිටිති.

