ගාල්ල කරාපිටිය රෝහලේ පුද්ගලික උපස්ථායකයින් රෝහලෙන් ඉවත්කිරීම හේතුවෙන් රෝගීන් බලවත් අසීරුතාවට පත්ව ඇතැයි ඔවුන්ගේ ඥාතීහු කියති. නේවාසික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් අසළ නැවතී සිටීමට පුද්ගලික උපස්ථායකයන්ගේ සේවය මුදලට ලබා ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. රෝහල් අධ්‍යක්ෂවරයාගේ අණින් අද රෝහලේ සිටි පුද්ගලික උපස්ථායකයන් ඉවත් කැරිණි. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ රජයේ රෝහලක පුද්ගලික උපස්ථායක සේවා පවත්වාගෙන යාමට අවසරයක් නොමැති නිසා ඔවුන් ඉවත්කිරීමට නියෝග කළ බවයි.

