ගාලු මුවදොර ගංජා ගසා හතළිස් දාහක් ගෙවයි


ගංජා සුරුට්ටු ළඟ තබා ගෙන ගාලු මුවදොර දී අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනකුට රුපියල් පන්දහස බැඟින් දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. බියගම එල්.ටී. සුරංග, රාගම ඩුලාන් පෙරේරා,  ජානක දිසානායක, කඩවත ප්‍රදිප් මදුරංග, මහේෂ් චතුරංග, පැපිලියානේ පුෂ්ප කුමාර,  උදේෂ් රුක්ෂාන් හා ගෝනවල පුෂ්පකුමාර වැරැදිකරුවෝ වූහ.