ගාලු මාතර අධිවේගයේ උද්ඝෝෂණයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල මාතර දෙවැනි අධියරේ ඉදිකිරීම් වල නිරත ලොරි හා බැකෝ රියදුරෝ නොවැම්බර් දෙසැම්බර වැටුප් ඉල්ලා උද්ඝෝෂණයක් කළහ.

අවුරුද්දේ අවසන් දිනයේවත් මුදල් දෙන ලෙස ඔවුහු විරෝධතා පුවරුද ඔසවාගෙන සිටියහ.

දක්ෂිණ අධිවේගී සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ පී වී ඩී එස් චන්ද්‍රසිරි මහතා පැවසූයේ චීන සමාගමකට කොන්ත්‍රාත් බාරදී මුදල් ද නිසි අයුරින් ගෙවා ඇති බවයි.