(නිමල් අල්ගෙවත්ත,අමල් වික්‍රමරත්න සහ ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා )
ගාල්ල මාගාල්ල පාලම අසල දී යුවළක් අතර ඇතිවු ආරවුලකින් වයස අවුරුදු 36 ක් වු කාන්තාවක මියගොස් ඇත. මෙම දෙදෙනා අතර ඇති වු ගැටුමේ දී අදාළ පුද්ගලයාගේ පිහි පහරින් කාන්තාව මියගොස් ඇත.
මෙය සිදුව ඇත්තේ අද (30) පස්වරුවේදිය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වදුරඹ කීඹිය ප්‍රදේශයේ පදංචි 36 හැවිරිද තමරා විජේතිලක නැමැත්තියකි.
මෙම ගැටුමට සම්බන්ධ වු අහංගම මිදිගම පදිංචි 48 හැවිරිදි වලවේ විතානගේ ලලිත් ප්‍රියංකර නැමැත්තා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලදුව ප්‍රථිකාර ලබයි.
මාගල්ල කව්වුවත්ත විහාරස්ථානය අසල ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී මෙම ගැටුම ආරම්භවි ඇත.මෙම කාන්තාව යතුරු පැදියකින් පැමිණ ඇති අතර ගැටුමට සම්බන්ධ පුද්ගලයා පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. මෙම වාහන දෙක සිද්ධිය සිදු වු ස්ථානයේ දැකිය හැකි විය.
ත්‍රිරෝද රථයේ ද මහ පාර පුරාද ලේ පැල්ලම් දැකිය හැකි විය. මෙම සිද්ධිය අවට සිටි විශාල පිරිසක් බලා සිටිය දී ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක ආකාරයක් ගත් බැව් අවට සිටි පිරිස් පවසති.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරයා පොලිසිය පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ.

