ගාල්ලට බදුල්ලට සැඩ සුළං
මීට මද වේලාවකට පෙර ඇතිවූ දැඩි සුළං තත්ත්වයකින් නාගොඩ නිවාස 25 ට, මාපලගම නිවාස දෙකකට හා හික්කඩුවේ නිවසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම සුළඟින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහළට ද හානි සිදුව තිබේ. බදුල්ලට ද දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය.

