ගායන ලොවේ කුමාරයා නිහඬ වෙයි


ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද(8) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි පවසයි.
වසරකටත් වැඩි කාලයක් ඔහු රෝගී තත්ත්වයෙන් පසු වූ අතර අවසන් කාලයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිය යන විට ඔහු 47 වැනි වියේ පසුවිය. 
සුදු මල් පොකුරක් අතින් දරා, වෙරළ කොනක, සඳරේණු වෑහෙනා, මා හඬවලා, කැලෑ මලේ කොහේ ගියාදෝ, මා එදා කියූ දේ, මහද ප්‍රේමාදරේ, ඔබ හා ගෙවූ අතීතේ, ඔබ පෑ පෙම් සිනා, සීගිරියේ කුරුටු ගීත ලස්සනයි, සමුගන්න සමුදෙන්න නම් ආදී ගීත ගණනාවක් ගායනා කර ඇති ප්‍රින්ස් උදය ප්‍රියන්ත අවසන් කාලයේ දැඩි අසනීප තත්ත්වයේ පසුවූ අතර ඔහුගේ සොයුරියගේ රැකවරණ මැද ජීවත් විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පවුලේ ආරංචි සඳහන් කරයි.