බොරැල්ල වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගාවලියෙන් පසු පැවති සංගීත සන්දර්ශනයේදී තමා ගායක සමන් ද සිල්වාට පහර නොදුන් බව දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ මහතා කියයි.
සමන් ද සිල්වා වේදිකාවේ සිට බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාට අපහාස වන අයුරින් කතා කළ බවත් ඔහු කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා බන්ධනාගාර නිලධරයකු අත පණිවුඩයක් යැවු බවත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු කියයි.
තමා ඇමැතිට අපහාස වන අයුරින් කිසිවක් නොකී බවත් දෙදෙනකුට පහර දුන් බවට පැමිණි ලැබී ඇති බවත් බොරැල්ල පොලීසිය කියයි.
ගායකයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු පසු වේදිකාවට නැඟ ඔහුට අවවාද කළ නමුත් පහර නොදුන් බවත් ඇමැති සඳහන් කරයි
තමාට සමන්ද සිල්වා පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් තමා ඒ බව කඹුරුපිටිය පොලීසියට පැමිණිලි කළ බවත් පවසයි.

