ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනා අධිකරණයට


ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනාට එරෙහි පවරා ඇති නඩුවට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා මීට සුළු වේලාවකට පෙර ඔවුහු අධිකරණයට පැමිණියහ.

සෙසු සැකකරුවෝ වන ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ , හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන  සෙසු සැකකරුවෝද අධිකරණයේ පෙනී සිටීම සඳහා පැමිණ සිටිති.

මූල්‍ය  චෝදනා සම්බන්ධයෙන් නඩු කඩිනම් කිරීම සඳහා පිහිට වු  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ  විභාග වන පළමු නඩුව මෙය වේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ