ගාමිණි ලොකුගේගෙන් ජගත් කුමාරට සැර පිළිතුරක්


(සුජිත් හේවාජුලිගේ )

ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමා බෙහෙවින්  කණගාටු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය.

කටුස්සන්ට රත්රන් බැන්දම  අං එන බවත්තමා ඔහු දකින්නේ එලෙස අං ආපු කෙනකු ලෙස බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු සහ තමා  අතර මේ දක්වා කිසිදු ගැටුමක් නොතිබූ නමුත් තමා සම්බන්ධයෙන්  ඔහුට මෑතක සිට
යම් ගැටලුවක් ඇති බව පෙනී යන්නේ යැයි කී ලොකුගේ මහතා  පොලිස් නිලධාරියකු මාරු කරන්නැයි  ඉල්ලා සිටියේ කවුදැයි ලිපිගොනු සමග කතා කරන්නැයි  ජගත් කුමාරට දැනුම් දෙන බවද   පැවසුවේය.

එසේම තමා 1983 වර්ෂයේ සිට සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයකු බව  ජගත් කුමාර මහතාට දැනුම් දීමට කැමති යැයි ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.

ලොකුගේ මහතා මෙසේ පැවසුවේ   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා
සිය  දේශපාලන කටයුතුවලට  ගාමිණි ලොකුගේ මහතා  බාධා කරන බවට  කරන ලද චෝදනාවට පිළිතුරු දෙමිනි.