ග්‍රාමාරක්ෂක ගොවිපළටත් අරියාදුයි
සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් විසින් කරගෙන ගිය අක්කර හයක ගොවිපළක වැටට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි මාතලේ පොලීසිය කියයි.
මාතලේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථාන භුමියේ ගොවිපළ පිහිටා ඇත. මීට මාස දෙකකට පමණ පෙරද මේ ගොවිපළේ හිටවා තිබූ කෙසෙල් පැළ සියයක් පමණ කපා විනාශ කළ බව වෙහෙරගොඩ පුරාණ විහාරවාසි මාළිගාතැන්නේ ඥානාන්ද හිමියෝ පවසති.

