ගහෙන් මහ පුටුවට නම් අසුවක්


බස්නාහිර පළාත්  මහ ඇමැති අපේක්ෂක  ධුරය සඳහා  ශ්‍රී ලංකා මුස්ලිම්  කොංග්‍රසයේ  මැතිවරණ තේරීම්  කම්ටුව වෙත අපේක්ෂකයන්  අසු දෙනකුගේ  නම් ලැබී ඇතැයි  එම පක්ෂයේ  මහ ලේකම් හසන් අලි  මහතා පවසයි.

පක්ෂ නායක රවුෆ් හකීම්  සහ උත්තරීතර  මණ්ඩලය රැස්වී මහ ඇමැති අපේක්ෂකයා කවුරුන්දැයි  ලබන සතිය ඇතුළත නිශ්චිත තීරණයක් ගනු ඇති බවද ඔහු කියයි.