ගහයි බුලත්කොලයයි පුල්මුඩේ දි ගහ ගනියි
ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සිංහල මහ විදුහල ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට දී මුස්ලිම් කොංග්‍රසයේ අපෙක්ෂක අන්වර්ගේ ආධාරකරුවන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ආදන් බාවා තවුපික්ගේ ආධාරකරුවන් පිරිසක් අතර අද දහවල් ඇති වූ ගැටුමකින් මුස්ලිම් කොංග්‍රසයේ දෙදෙනෙක් තුවාල ලැබූහ. අතින් පයිනා පොලු මුගුරුවලින් පහර කෑමට ලක්වූ දෙදෙනා රෝහල් ගත කැර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අතර හොර ඡන්දයක් දැමීමට ආ වැසියෙක් කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

