ගස් දෙකක් හිටි ගමන් පොලොව යටට යයි


මාතලේ දුන්කොලවත්ත දොරකුඹුරේ අඩි 60ක් පමණ උස කොස් ගසක් හා කිතුල් ගසක් ගිලා බැස ඇතැයි ද, එම ස්ථානයේ අඩි 25ක පමණ විශ්කම්භයකින් යුතු ආවාටයක් සෑදී ඇතැයි ද ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ මාතලේ දිසා භූ විද්‍යාඥ එම් සී යූ බී මොරේමඩ මහතා කියයි. 2005 වසරේද මෙහි ස්ථාන කිහිපයක් ගිලා බැස ගිය බව ද, ගිලා බැසීම්වලට හේතුව පොළොව යට ඇති හුණුගල් ස්ථර දිරා යාම බව ද, ඉදිරියේ ද මේ ප්‍රදේශයේ එවැනි ගිලා බැසීම් ඇති විය හැකි බව ද හෙතෙම පවසයි.