ගවයෝ නිකවැරටිය නගරය බදු ගනිති


නිකවැරටිය නගරය අයාලේ යන ගවයන්ගේ රජ දහනක් වී තිබේ. සියයකටත් වැඩි ගවයන් රාත්‍රියේත් දවාලෙත් ප්‍රධාන පාරවල සිටිති. මේ නිසා සිදුවන අනතුරු සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි. රාත්‍රී කාලයේ වාහන ගමණාගමනය මේ නිසා අවදානම් බව පොලීසිය පවසයි. ගවයන් නගරයෙන් ඉවත් කරන බව නිකවැරටිය ප්‍රාදේශීය සභාපති එස් ඒ ශ්‍රියානන්ද මහතා කියයි. එහෙත් ගයවන් නගරයේ නැති වෙලාවක් සොයා ගැනීම අපහසුය.