ගල්බොඩ නා හිමි උපන් දිනය අද
කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 69 වැනි උපන්දිනයට සුභ පැතීමට උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි ඇතුළු මහා සංඝ රත්නය ද, මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයෝ ද, තායිලන්තය, ජපානය රටවලින් බෞද්ධ නියෝජිතයෝද, දිවයිනේ නොයෙක් පළාත්වලින් මහජනයා ද පැමිණියහ.
ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික දානයක් පිරි නැමිණි. කිරි අම්මාවරු 69 දෙනෙකුට දානයක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුනට ශිෂ්‍යත්ව ද, ඔක්කම්පිටියේ අඩු ආදායම්ලාභී පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය හා මුදල් ද පිරිනැමිණි.

