ගල්කිස්ස හෝටල් වෙරළ සාදයේ දී 30 ක් අත්අඩංගුවට



 
 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගල්කිස්ස හෝටලයක් පිටුපස පැවැත්වූ වෙරළ සාදයක දී විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කළ බව කියන තරුණ තරුණියන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.


අත් අඩංගුවට පත් වූවන් අතර තරුණියන් පස් දෙනෙකු සිටින බව ද පොලිසිය පවසයි.


පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගල්කිස්ස පොලිසිය ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.


මෙම පිරිස සමඟ මත්පෙති, ගංජා, නීතිවිරෝධි දුම්වැටි, මුද්දර නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් මෙම පිරිස සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.


මුහුණුපොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදය සඳහා සහභාගී වීමට රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අය කර ඇත. මෙයට ඇතුල් වීමෙන් පසු විවිධ මත්ද්‍රව්‍ය  මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබූ බව ද පොලිස් නිලධාරියෙක් පැවසීය.


පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් වෙස් වළාගෙන සාදයට සහභාගී වී එම වැටලීම කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.


අත් අඩංගුවට පත් වූවන් අද (20) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.