ගල්කිස්ස වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයාට මාරුවක්


(ශිරාන් රණසිංහ)

ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේප්පුවල තිබූ රුපියල් ලක්ෂ 40ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියකට අදාළව සිදුකළ පරීක්ෂණයකට අනුව එහි වැඩබලන තැපැල් ස්ථානාධිපතිවරයා වහාම තැපැල් මූලස්ථානයට මාරුකර යවා ඇත.

මීට පෙරාතුව හැව්ලොක් ටවුම තැපැල් කාර්යාලයේදී මෙවැනිම මුදල් අස්ථානගත වීමක් සිදුවී තිබූ අතර ඒ අවස්ථාවේද ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ලෙස සිටි ඇත්තේ මෙම නිලධාරියා යැයිද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මෙම මුදල් අස්ථානගතවීමට අදාළව සිදුකරන පරීක්ෂණ තවදුරටත් සිදුවන බවද තැපැල් දෙපාර්තුමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.