ශ්‍රී ලංකාවට ආවේනික වූ ගල්පාඬියා නම් දුර්ලභ මසුන් 231ක් කරවිටකන්ද රක්ෂිතයෙන් ඇල්ලූ දෙදෙනෙක් රත්නපුර මහේස්ත්‍රාත් කේ බී එම් සමන්කුමාර මහතා විසින් ලබන 31 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙම මසුන් මීගමුවේ සංචාරක හෝටලයකට විකිණීමට නියමිතව තිබූ බවත්, එම හෝටලය මසුන් විදේශ රටකට යැවීමට සිටි බවත් පලාබද්දල වන සත්ත්ව ආරක්ෂණ කාර්යාලයය අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම මසුන් ඔවුන්ගේ පැවැත්මට උචිත ස්වභාවික මිරිදිය පරිසරයකට මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
ගල් පාඬියා රතු දත්ත පොතට ඇතුළත් දුර්ලභ මාළුවෙකි.

