නවගමුවේ පරිසයට හානි බව කියන ගල් කොරියක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී ඩබ්ලිව් අබේරත්න මහතාගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි කියයි.
හෝමාගම සහකාර පොලිස් අධිකාරී ජේ වයි ඩී ක්‍රිෂාන්ත මහතා කළ මූලික විමර්ශනයකින් පසු වැඩ තහනම් කර ඇත.
ගල්කොරියේ හිමිකරුට එරෙහිව නඩුවක් පැවැත්වෙන බවත්, එම නඩුවට සැකකරු ඉදිරිපත් නොකර මුදා හැර ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.

