ගලහ රෝහලේ මිය ගිය දරුවාගේ අවසන් කටයුතු අද පස්වරුවේ


ඩබ්.ඒ.අසේල
 
පසුගිය (28) වැනි දා ගලහ රෝහලට ඇතුළත් කර  මියගිය වයස අවුරුදු එක හමාරක වන සංකර් සජීගේ අවසන් කටයුතු අද (30) සවස හතරට පමණ ඔවුන්ගේ නිවස පිහිටි දෙල්තොටවත්තේ දී සිදුකිරීමට නියමිතය.
 
මෘත දේහය ඊයේ (29) සවස 5.30 ට පමණ දෙලතොටවත්ත පිහිටි නිවසට ගෙන එනු ලැබූ අතර දෙදහසකට ආසන්න පිරිසක් එම අවස්ථාවට සහභාගී වි සිටියහ.
 
අවසන් කටයුතු සිදුවන මොහොත දක්වා හා ඉන් පසුවත් ප්‍රදේශය පුරා විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර ගලහ ප්‍රාදේශීය රෝහල හා ඒ අවට ආරක්ෂාවට වෙනම පොලිස් කණ්ඩායම් යොදවා තිබේ. 
 
ගලහ පොලිසියට අමතරව අවට පොලිසි වලින් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා අති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය හා කැරලි මර්දන ඒකකයද කැඳවා තිබේ.