ගයි ද අල්විස්ට ප්‍රතිකාර ගන්න ක්‍රීඩා අරමුදලින් ලක්ෂ 5 ක්


හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වූ ගයි ද අල්විස් මහතා දැනට රෝගාතුරව සිටින බැවින්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ක්‍රීඩා අරමුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් නිදහස් කිරීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවසර දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.