ගම්සේවක අල්ලස් ගනී
ඉඩම් ඔප්පුවක පදිංචිය සහතික කරගැනීමේ ලියවිල්ලක් දීමට රුපියල් 4000ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් සැකපිට අත්අඩංගුවට ගත් ග‍්‍රාම නිලධරයෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
වලපනේ කන්දේගම ග‍්‍රාම සේවක ලෙස කටයුතු කළ එස්.ඞී. ඉන්දික රුවන් නයනජිත් වලපනේ පී.බී.එම්.පොඩිඅප්පුහාමි මහතාගෙන් මේ අල්ලස ගෙන ඇත.

