ගම්පොළ වැඩි පිරිසක් ගෙදර ගිහින්
ගම්පොළ ජිනරාජ විදුහලේ දී ආසාදනයකට ලක්වූ ශිෂ්‍යාවන් දහසකගෙන් සියයක් පමණ අද සවස පහ වන විට රෝහලේ සිටි බවත් ඔවුන් ද අදම නිවෙස් වලට යැවිය හැකි බවත් රෝහල් අධ්‍යක්ෂ දොස්තර සරත් වීරබණ්ඩාර කියයි. ඔහු කියනුයේ පරිසරයේ ආසාදනයක් නිසා කැසිම හා ක්ලාන්තය ඇතිවීම අනුමාන කළ හැකි බවයි. සිසුනට ප්‍රතිකාර කිරීම සඳහා පේරාදෙණිය වෛද්‍ය සිසුහු ද හදිසියේ කැඳැවනු ලැබූහ. පාසල සඳුදා තෙක් වසා ඇත.

