ගම්පහින් ඇල්ලූ සීනි ගම්පහ පාරිභෝගිකයන්ටම


(යොහාන් භාසුර)

ගම්පහ ප්‍රදේශයේ මුද්‍රා තැබූ ගබඩා තුනක සීනි හෙට සිට ගම්පහ ගම්පහ දිස්තික්කයේ සතොස සහ සමුපකාර මගින් ජනතාවට සහන මිලට ලබා දෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සුළු මොහොතකට පෙර පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මෙම ක්‍රියාදාමය තව දුරටත් ඉදිරියට ගෙන යන බවත් සතොස සහ සමුපකාර හරහා පමණක් නොව විවෘත වෙළෙඳ පොළේ ද අවස්ථා උදාකර දීම සිය අරමුණ බවයි.