වැලිවේරිය දකුණු වෑබඩ නිවසක් කුළියට ගෙන කසිප්පු පෙරා ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවලට බෙදා හැරීමේ යෙදී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කසිප්පු අපද්‍රව්‍ය වැසිකිළි වලට හරවා තිබිණි. එසේ කර ඇත්තේ ගඳ ගැසීම වළක්වා ගැනීම සඳහාය.
අත්අඩංගුවට ගත් උපකරණ හා ගෝඩාවල වටිනාකම රුපියල් දෙලක්ෂයක් පමණ වේ.
ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත, පොලිස් සැරයන් (27337) බන්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (18390) සිව්රත්න, (56 810) නන්දලාල් සහ (82709) තරිඳු යන මහත්වරු සහ කඩවත විශේෂ කාර්යංශය එක්ව මේ වැටලීම සිදුකළහ.