ගම්පහ සහකාර පොලිස් අධිකාරීට එරෙහි පැමිණිල්ලක්


වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට එරෙහිව මිරිස්වත්තේ සිට බියගම දක්වා සංවිධානය කළ රිය පෙරහර නොපත්වන ලෙස තර්ජනය කළැයි ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාට එරෙහිව බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (14) පැමිණිලි කළ බව එම විරෝධතාව සංවිධානය කළ ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.