ගම්පහ නගර මධ්‍යයයේ කප්රුක ව්‍යාපාරයේ හිමිකරුවන සමන් රාජපක්ෂ (44) මහතා අද සන්ධ්‍යාවේ කඩුවකින් කපා කොටා මරා දමා ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
ඔහු වෙළෙඳහලේ සිටිය දී එහි පැමිණි දෙදෙනකු කඩුවලින් පහර දෙද්දී ඔහු පොලිසිය දෙසට දිවූ නමුත් ඝාතකයන් ඔහු පසුපස පන්නා පහර දුන් බව සිද්ධිය දුටුවෝ කියති. පෞද්ගලික කෝන්තරයක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.