ගනේමුල්ල නිවසකට වරිපනම් බදු ලියවිල්ලක් බෙදීමට ගිය ගම්පහ ප්‍රාදේශීය සභාවේ වරිපනම් නිලධාරියකු එම නිවසේ සිටි දැරියකට අඩත්තේට්ටම් කළැයි සැකපිට ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා නියෝග කළේය.
ඔහු එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

