ගම්පහ මාර්ග 15ක් අලුත් වෙයි


(අංජුල මහික වීරරත්න)

ගම්පහ නගරයේ සහ ඒ අවට රථවාහන තදබදය තිබෙන මාර්ග සියල්ලක්ම කඩිනමින් පුළුල් කරන්නැයි මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේ ය.

පුළුල් කොට සංවර්ධනය කිරීම සඳහා  ගම්පහ මාර්ග 15ක් මේ වනවිට හඳුනාගෙන තිබෙන බව කී අමාත්‍යවරයා එහි මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන්  බවද සඳහන් කළේය.

ගම්පහ- මිරිස්වත්ත මාර්ගය, ගම්පහ- යක්කල,  ඒකල - කොටදෙනියාව, නිට්ටඹුව - වේයන්ගොඩ  වේයන්ගොඩ - කල්එලිය,කලගෙඩිහේන - වේයන්ගොඩ,මීගමුව - ගිරිඋල්ල මාර්ගය වයි හංදිය දක්වා මංතීරු හතරකට පුළුල් කර සංවර්ධනය කිරීම , නිට්ටඹුව -ඌරාපොළ, මීගමුව - අළුතපොල,වරකාපොළ නගරයේ අතුරු මාර්ග පද්ධතිය, පස්යාල සිට මීරිගම හරහා ගිරිඋල්ල දක්වා මාර්ගය , ජා-ඇල මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගය, මීගමුව- ගිරිඋල්ල,ඌරාපොළ - හංවැල්ල මාර්ග සංවර්ධනය කිරීම සහ පස්යාල මංසන්ධිය පුළුල් කිරීම මෙම සංවර්ධන ව්‍යපෘතියට ඇතුලත් වෙි.